කොටුව මහෙස්ත්රාත් අධිකරණ පරිශ්රය අවට ආරක්ෂාව මේ වනවිට තරකර තිබෙන අතර එහි ආරක්ෂා වෙනුවෙන් පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති බව සඳහන් .
මෙහිදී අධිකරණ පරිශ්රයට ඇතුළු වන පුද්ගලයින්ගේ නඩු අංක පරීක්ෂා කර ගමන්මලු සහ පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂාවට ලක්කරන අතර අදාළ මාර්ගයේ පදිංචිකරුවන්ට හා නීතිඥවරුන්ට පමණක් ඇතුළු වීමේ හැකියාව පවතින බව සඳහන් .
රාජ්ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබෙනවා .

