2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මුලින් ලංවිමය විසින් 13.56% ක සමස්ත ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටියද, විවිධ පාරිභෝගික කාණ්ඩ යටතේ ගාස්තු ඉහළ යන ආකාරය මෙසේය:
අඩු ඒකක පාවිච්චි කරන අයට සහනයක් ඇති බව පෙනුනද, ඒකක 180 සීමාව ඉක්මවූ සැණින් බිල විශාල ලෙස ඉහළ යනු ඇත.
ඒකක 0 – 30 දක්වා: බිල 4.3% කින් (රුපියල් 15 කින්) ඉහළට.
ඒකක 31 – 60 දක්වා: බිල 6.9% කින් (රුපියල් 45 කින්) ඉහළට.
ඒකක 61 – 90 දක්වා: බිල 6.9% කින් (රුපියල් 120 කින්) ඉහළට.
ඒකක 91 – 180 දක්වා: බිල 7.1% කින් (රුපියල් 420 කින්) ඉහළට.
ඒකක 180 ට වැඩි අයට: විදුලි ගාස්තුව 25% ක දැවැන්ත ඉහළ යාමක්!
රාජ්‍ය ආයතන සඳහා පනවා ඇති ගාස්තු වැඩිවීම 14.1% කි.
පොදු කාර්ය සහ හෝටල් පාරිභෝගිකයන් සඳහා 8% කින්ද, කර්මාන්ත අංශය සඳහා 8.7% කින්ද විදුලි බිල ඉහළ දමා ඇත.
මාසික පරිභෝජනය ඒකක 180 ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමීමට තීරණය කර ඇත.
නමුත් එම සීමාව ඉක්මවන ආයතන සඳහා 9.6% ක ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක වේ.

