පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ නිවස සිසිල් කර ගැනීම සඳහා රාත්‍රී කාලයේදී ජනෙල් විවෘත කර තබන්නේ නම්, සොර සතුරන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසිය ජනතාවට විශේෂ දැනුම්දීමක් කරයි.
පවතින වියළි කාලගුණය හේතුවෙන් ඉදිරි දින 10 ක කාලය තුළත් සැලකිය යුතු වැසි තත්ත්වයක් අපේක්ෂා නොකරන බව කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා පවසයි.
මේ හේතුවෙන් සිරුරට දැනෙන උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කායික වෛද්‍ය විශේෂඥ සරත් ගාමිණි ද සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ, මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් මිනිසාගේ කායික මෙන්ම මානසික සෞඛ්‍යයට ද බලපෑම් ඇතිවිය හැකි බවයි.
නිවෙස්වල ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය ජනතාවට මෙම උපදෙස් අනුගමනය කරන ලෙස දන්වා සිටියි.
ජනෙල්වල වීදුරු පමණක් විවෘත කර ග්‍රිල් පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීම.
ප්‍රධාන දොරවල් හොඳින් අගුලු දමා තිබීම.
නිවසේ අඳුරු ස්ථානවල විදුලි පහන් දල්වා තැබීම.

