අද (29) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ද වයඹ පළාතේ වැසි ස්වල්පයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50ක පමණ වන තද සුළං ඇතිවිය හැකිය.
තද සුළං හේතුවෙන් ඇතිවියහැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සූර්යයා දෘශ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ නිසාවෙන් අද (29) දහවල් 12:11ට කුමුලමුනේ, පඩිනද්දම්පොරේ, ආලන්කුලම්, තන්නියුට්ටු, වෙට්ටප්පලෙයි, මුලතිව් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇති බවත් ඔවුන් පවසයි.

