spot_img

අතහැර දමා ගිය බිළිඳිය ඉල්ලා ඇමතුම් දහසක්

කුරුණෑගල – මාවතගම පරගහදෙණිය ප්‍රදේශයේ වෙල්යායක් අසළ කුඹුක් ගහක් යට අතහැර දමාගොස් තිබියදී සොයාගත් දින දෙකක් වයසැති බිළිඳිය දරුකමට හදා ගැනීමට ඉල්ලා දුරකතන ඇමතුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබුණු බව මාවතගම පොලිසිය ප්‍රකාශ කර සිටියා .

කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, අමෙරිකාව සහ ඉතාලිය ඇතුලු රටවල් කිහිපයක පදිංචියට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙලෙස මෙම දරුවා හදා වඩා ගැනීම සදහා ඉල්ලා දුරකතන ඇමතුම් ලබා දී තිබූ බවයි පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

මෙම සිගිත්තිය දරුකමට හදා ගැනීමට ඉල්ලුම් කරමින් දුරකතන ඇමතුම් දුන් සියලු දෙනාටම ඒ සඳහා ගත යුතු නීතිමය ක්‍රමවේදයන් ගැන පැහැදිලි කර දුන් බවයි ඔහු කියා සිටියේ.

පෙරේදා උදෑසන කාලයේදී සොයාගත් මෙම බිළිඳාගේ මව කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED