ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (6) දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරෙනවා .
එම මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පවසා සිටියේ, ස්වේච්ඡා වන්දි යෝජනා ක්‍රමයක් සඳහා ද කිසිඳු සේවකයෙකු එකඟ වී නොමැති බවයි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වූ විදුලි බලමණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා ,
“අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන 15වනදා මධ්‍යම රාත්‍රිය දක්වා පළමු අදියර යටතේ ක්‍රියාත්මකයි.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරණයේ දී වත්මන් ආණ්ඩුව වගකීම් විරහිතව වැඩකිරීමේ ක්‍රියාමාර්ගය නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹුනේ.
පසුගියදා ඇමතිවරයා එක්කත් සාකච්ඡාකළා. එහිදී සාර්ථක ප්‍රතිචාරයක් ලැබුණේ නෑ”

