කොට්ටාව දෙසට ගමන් කළ යතුරුපැදියක් ඉදිරියෙන් ආ බස් රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් එම අනතුර සිදුව තිබෙනවා .
මත්තේගොඩ පොලිස් වසමේ 342 මාර්ගයේ සල්ගස් හන්දිය ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් 30 හැවිරිදි දේවින්ද රුක්ෂාන් නැමති තරුණයා බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා .
අනතුර සම්බන්ධයෙන් බස් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්තේගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

