spot_img

ලබන වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණයක්

පවතින නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ලබන වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා .

එසේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා .

කිළිනොච්චිය ප්‍රදේශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා .

“2025 වසරේ අපි ඡන්ද පැවැත්වුවා. 2024 දීත් අපි නොවැම්බර් මාසයේ ඡන්දයක් පැවැත්වුවා. අපි බලාපොරොත්තු වෙනවා පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල් මාස 6 තුළ කරන්න තමා මුලික අදහස තියෙන්නේ. නීතිමය වශයෙන් බාධාවක් තියෙනවා. ඒවා ඉවත් කරගන්න බලනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන ඒම ගැන අපේ ප්‍රතිපත්තිමය තීරණයක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම කියන්නේ පුළුල් ක්‍රියාවලියක්. ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේ ඉලක්කය. පළාත් සභා ඡන්දය පවත්වලා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගැන පුළුල් දේශපාලන වැඩපිළිවෙලක් ආරම්භ කරනවා.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

පෑලියගොඩ වෙඩි තැබීමක්

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන වෙඩි තැබීමක් සිදු කොට තිබෙනවා . නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම...

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක දී ඇතිවූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා . ඊයේ (18) රාත්‍රීයේ කල්පිටිය පොලිස් වසමට අයත්...

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර...

ගුරුවරුන් පිරිසක් ජනාධිපති ⁣ලේකම් කාර්යාලය අසල රැය පහන් කරයි

ගුරු දරුවෝ එකමුතුව විසින් සංවිධානය කර තිබූ පාගමනක් ඊයේ (18 ) දින පැවැත්වුණු අතර ගුරුවරුන් පිරිසක් ජනාධිපති ⁣ලේකම් කාර්යාලය...

සංචා­ර­ක­යන්ගේ ගම­නා­න්ත­යක් වන මස්කෙ­ළිය, ගාඩ්මෝර් දිය ඇල්ල ප්‍රදේ­ශය

මස්කෙ­ළිය, ගාඩ්මෝර් දිය ඇල්ල පිහිටි ප්‍රදේ­ශය ලබන වසර (2026) වන විට සංචා­ර­ක­යන්ගේ ගම­නා­න්ත­යක් බවට පත් කිරී­මට පිය­වර ගන්නා බව...

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත්අඩංගුවට

අධිකරණය මඟ හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාව අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා...

වෙනත් ලිපිRELATED