වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසනවා .
ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයන් අතරට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 220 දෙනෙකු ඇතුළත් වන ද ඒ මහතා සඳහන් කර සිටියා .
මේ අතර දියේ ගිලී සිදුවූ අනතුරුවලින් දේශීය සංචාරකයින් 69 දෙනෙකු සහ විදේශීය සංචාරකයින් 33 දෙනෙකු පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසය විසින් බේරා ගැනීමට සමත්වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් වැඩි දුරටත් සඳහන් කර සිටියා .