spot_img

විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගය ග්‍රේස් සහ ග්‍රීන්ස් කණ්ඩායම් අතර අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා .

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය ප.ව. 1.30ට ආරම්භවීමට නියමිත ඇති අතර ග්‍රීන්ස්, ග්‍රේස් හා බ්ලූස් ලෙස කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් මෙම තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්විණි.

එහිදී සෑම කණ්ඩායමකම තරග 4ක් හිමි වූ අතර, ඉන් තරග 3ක් ජයගත් කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ග්‍රීන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගනු ලැබුවා .

ඔවුන් තරග 3ක් ජයගත් අතර, එක් තරගයක් විසදුමකින් තොරව අවසන්ව වුණා .

දෙවැනි ස්ථානය හිමිකරගත් චරිත් අසංලකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායම තරග 2ක් ජයගත් අතර, එක් තරගයක් ඔවුන් පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වුණා .

දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් බ්ලූස් කණ්ඩායමට ක්‍රීඩාකළ කිසිදු තරගයක් ජයගැනීමට නොහැකි වූ අතර, ඒ හේතුවෙන් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය හිමි වී තිබුණා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED