රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමග එකතු වී පිරිසක් කටයුතු කරමින් සිටින බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසනවා .
උන්වහන්සේ පෙන්වා දෙන්නේ, ඇතැම් දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයින් ද මෙම කටයුතුවලට සම්බන්ධ බවයි.
ඊයේ (14) කොළඹදී පැවැත්වුණු රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධර්ම කීර්ති ශ්‍රී ආචාර්ය අකුරැටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත මියන්මාර රජය විසින් පිරිනමන ලද අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිදීමේ උත්සවයට එක්වෙමින් කාදිනල් හිමි මේ බව සඳහන් කර සිටියා .
එම අවස්ථාවට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, ව්‍යවස්ථා සංශෝධනයක දී මානව අයිතිවාසිකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.