spot_img

පිය පුතු දේපල එකට ගිය අවසන් ගමන

ඊයේ (11) පස්වරුවේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පියපුතු දෙපොළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් පොළොන්නරුව ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට ගොස් ඇති අතර එහිදී ඔවුන් ඔරුවක නැගී පරාක්‍රම සමුද්‍රයේ දියනෑමට ගොස් ඇති බවයි සඳහන් වන්නේ .

එහිදී ඔරුව පෙරළී ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔරුව තුළ පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා .

අනතුරින් මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකු සහ 38 හැවිරිදි පුත්‍රයා වන අතර ඔවුන් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

මියගිය පුද්ගලයින්ගේ මළසිරුරු පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) සිදුකිරීමට නියමිතව තිබෙනවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED