spot_img

මත්ද්‍රව්‍ය ජාවාරමකට පොලිස් වැට බැදේ

රුපියල් ලක්ෂ 20ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .මඩකලපුව – කරුප්පන්කර්නි ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ .

ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1ක් අයිස් ග්‍රෑම් 50ක් සහ හෙරොයින් ග්‍රෑම් 25ක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 24ක සහ 34ක පුද්ගලයින් වන බව පොලීසිය පවසා සිටියා .

මෙම සැකකරුවන් කලක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවත් අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා ද එම චෝදනා මත දැනට බන්ධනාගාරගතව සිටින බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED