spot_img

ජයටම මත් කරල් විකිණූ අයෙක් පොලිස් දැලේ

ගලෙන්විදුනු වැව හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වලට මත් කරල් බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ගලෙන්බිදුනු වැව පොලිස් ස්ථානාධිපතියාට ලද තොරතුරක් මත අශ්වයා බැදී වැව ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේ දී එම නිවස තුළ සඟවා තිබීයදී මත් කරල් තොගයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා .

එහිදී එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අශ්වයා බැදී ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙකි .

පොලිසිය විසින් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ මෙම මත් කරල් ජාවාරමේ යෙදී සිට ඇති බවය. ඔහුගෙන් තව දුරටත් හෙළි වූ තොරතුරු වලට අනුව ඔහුගෙන් මත පෙති මිලදී ගන්නා තවත් පුද්ගලයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා .

අදාල සැකකරුවන් කහටගස්දිගිලිය ,අක්කර විස්ස, උල්පතගම ,ඉහලගම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 , 36 සහ 39 යන වයස් වල පසුවන්නන් බවයි සඳහන් වන්නේ .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා . අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්කර කර ප්‍රතිකාර...

රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා පිරිසක් කටයුතු කරනවා

රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමග එකතු වී පිරිසක් කටයුතු කරමින් සිටින බව අතිඋතුම් මැල්කම් රංජිත්...

වන්දනා නඩයක් රැගත් බස් රථයක් අනතුරට ලක් වෙයි

බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී වන්දනා නඩයක් ගමන් කරමින් තිබූ බස් රථයක් නවතා තිබූ ලොරියක රථයක ගැටී...

ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින් හයක් රෝහලේ

ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා . ඇල්ල, වැල්ලවාය ප්‍රධාන මාර්ග රාවණා දිය ඇල්ලට ඉහළ...

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අද

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (අගෝස්තු 15) යේදී තිබෙනවා . බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අදවන්...

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක්

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන,මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා...

වෙනත් ලිපිRELATED