අලුත්ගම මොරගල්ල වෙරළ තීරයට දිය නෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් අද (11) දීයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වන වියට්නාම ජාතික කාන්තාවක් බවයි වාර්තා වී ඇත්තේ .
අදාළ කාන්තාව තවත් පිරිසක් සමඟ මොරගල්ල වෙරළ තීරයේ විනෝද වෙමින් සිට ඇති අතර එහිදී ඇය දිවැලකට හසුව ගසා ගෙන ගොස් තිබෙනවා .
කෙසේ වෙතත් මේ වන විට ඇයගේ දේහය බෙන්තර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව පොලීසිය සඳහන් කර සිටියා .