spot_img

ටිපර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එක් අයෙක් ජිවිතක්ෂයට

මහනුවර යාපනය A9 මාර්ගයේ කොඩිකාමම් පොලිස් වසමේ ඊයේ (10) රාත්‍රී 7ට පමණ ආසපුල්ලේ ප්‍රදේශයේ දී ටිපර් රථයක් හා යතුරුපැදියක් ගැටී සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ කරම්පහම්, මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කර සිටියා .

මෙහිදී මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක් මත එහි පැදිකරු සිටි අවස්ථාවේදී, යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ ටිපර් රථය ගැටී ඇති බවයි සඳහන් වන්නේ.

ටිපර් රථ රියදුරු යතුරුපැදියේ සිට රථය ගැටීම වැළැක්වීමට තිරිංග ක්‍රියාත්මක කරන අවස්ථාවේ, ඊට පිටුපසින් එම දිශාවටම පැමිණි කූලරය සහිත ලොරි රථයක් ටිපර් රථයේ පිටුපස ගැටී තිබෙනවා .

ඒ හේතුවෙන් ටිපර් රථය ගොස් නවතා තිබූ යතුරුපැදියේ ගැටී ඇති අතර, කූලරය සහිත ලොර් රථය ද ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයකද ගැටී ඇත.

යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ටිපර් රථයේ රියදුරු, කූලරය සහිත ලොරි රථයේ රියදුරු, එම රථයේ රිය සහායක, කාර් රථයේ රියදුරු සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED