spot_img

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (11) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා .

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා ඇති සම්ප්‍රේශණ නලයේ පිරිසිදු කිරීමේ හා විශබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවයි .

ඒ අනුව හෙට පෙරවරු 10:00 සිට පස්වරු 08:00 දක්වා වූ පැය 10ක කාලයක් සඳහා රණ්පොකුණගම, බටලිය, අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන කලාප සඳහා ජල සැපයුම මෙලෙස අත්හිටුවීමට නියමිතව ඇත .

මේ හේතුවෙන් නිට්ටඹුව කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණගම, රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මිවිටිගම්මන, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවල, කලල්පිටිය, ඇල්ලමුල්ල යන ප්‍රදේශ සඳහා ජල සැපයුම විසන්දි වන බවද එම මණ්ඩල නිකුත් කළ නිවේදනයේ සඳහන්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED