අද (02) අලුයම 6:30ට පමණ කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට තැඹිලියාන ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා .
අදාළ බස් රථයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් ගමන්කර තිබූ අතර එම අවස්ථාවේදී බස් රථයේ 41 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා .
අනතුරෙන් තුවාල ලැබූ 23 දෙනෙකු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙම බස් රථය දැරණියගල සිට අවිස්සාවේල්ල කර්මාන්ත පුරය දක්වා ධාවනය කරමින් තිබියදී මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි සඳහන් වන්නේ .