spot_img

යටිනුවර විපක්ෂනායකගේ අවසන් ලිපිය

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්තසිය බිරිඳ හා වැඩිමහල් දියණිය ඝාතනයකර සියදිවි හානිකර ගැනීමට හේතුව සඳහන් කරමින් ඔහු විසින් ලියා ඇති දීර්ඝ ලිපියක් අදාල වීපක්ෂනායකවරගේ නිවසේ තිබී පොලිසියට හමුවී තිබෙනවා .

එහි සඳහන් වන අන්දමට විපක්ෂ නායක චම්පික නිලන්තසිය බිරිඳ හා වැඩිමහල් දියණිය ඝාතනයකර සියදිවි හානිකර ගෙන ඇත්තේ මුදල් ප්‍රශ්නයක් මත ව්‍යාපාරිකයෙකුගෙන් එල්ලවූ දැඩි පීඩනයක් මුල්කරගෙන බවයි මූලික විමර්ශනවලින් හෙළිවී ඇත්තේ .

මෙම මරණවලට වගකිව යුත්තේ අදාල ව්‍යාපාරිකයා බවද එම ලිපියෙහි සඳහන් කර තිබෙනවා.

එම ව්‍යාපාරිකයා පොලිසියේ මෙන්ම ජාතික පොලිස් කොමිසමේද සිටි බලවත් නිලධාරියෙක් වන අතර ඔහු මේ වනවිට ජීවතුන් අතර නැති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහෝදරයෙක් බවයි සඳහන් වන්නේ .

තමාව ව්‍යාජ නඩුවකට පැටලවීම් ගැන මෙන්ම එම චෝදනාවෙන් ගලවා ගැනීමට නීතිඥවරයෙක් විසින් මහනුවර පොලිස් ලොක්කෙකුට අල්ලස් ලෙස ලබාදීමට යැයි සඳහන් කරමින් රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාගැනීම ගැනත් එම ලිපියෙහි සඳහන් .

පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ දිනක තමාට එරෙහිව ඉඩම් ගණුදෙනුවක් සම්බන්ධයෙන් ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති ව්‍යාපාරිකයා පසුව තමාට අයත් මෝටර් රථයක් බලහත්කාරයෙන් අලෙවිකර රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාගැනීමක් ගැනද එම ලිපියෙහි දක්වා ඇති බවයි පොලිසිය පවසා සිටියේ.

මෙම ව්‍යාපාරිකයාගෙන් ව්‍යාපාරික කටයුත්තක් සඳහා රුපියල් ලක්ෂ 50ක් ලබාගෙන ඇති අතර එම ව්‍යාපාරික කටයුත්ත සාර්ථක නොවීම හේතුවෙන් ඔහු ණයකරුවෙක් වී ඇති බවයි විමර්ශනයෙන් අනාවරණය වී තිබෙන්නේ

සිය වැඩිමහල් දියණිය සුදු කබර රෝගයෙන් පීඩා විදීම ගැනද ඔහු දැඩි කලකිරීමකට ලක්ව සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇයව ඉන්දියාවට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට සූදානමින් සිටියත් ණය ගැටළුව නිසා ඔහු ඒ ගැනද සිට ඇත්තේ දැඩි පීඩනයකින් බවත් එම ලිපියේ සඳහන් කොට තිබේ .

කෙසේ වෙතත් සිය බාල දියණියට ඔහුගෙන් අනතුරක් වී නැති බවද සඳහන් .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED