පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසර තුළ රඹුටන් ගස් ආශ්‍රිතව සිදුවන අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසා තිබේ.
රඹුටන් ඵලදාව සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඇතැම් පුද්ගලයින් විසින් එම ගස්වලට විදුලි රැහැන් ඇදීම නිසාවෙන් මෙම අනතුරු සිදුවන බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය විරාජ් රෝහණ අබේකෝන් මහතා සඳහන් කර ඇත.
එම වෛද්‍යවරයා පවසන්නේ්නේළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ මේ වන විට පුද්ගලයින් කිහිපදෙනෙකු ප්‍රතිකාර ලබන බවය.
කුඩා ළමුන්ට රඹුටන් ආහාරයට ලබාදීමේ දී ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.