spot_img

පාර්ලිමේන්තු විමර්ශන කමිටු වාර්තාවට හිටපු පොලිස්පතිවරයා වරදකරු වෙයි

සේවය අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

කථානායකවරයා පවසා ඇත්තේ, අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු අතර, එම නිසාවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ඇති බවය.

අදාළ වාර්තාව මුද්‍රණය කිරීමටත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වීමටත් තීරණය විය.

හාටපු පොලිස්පතිවරයා  සිදුකර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පසුගිය අප්‍රේල් මාසයේ දී පත්කරනු ලැබීය.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතාය.

එහි අනෙක් සාමාජිකයින් ලෙස සිටියේ විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරුන්ය.

මෙම පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර ඇත.

එමෙන්ම පසුගිය ජුලි මස 16 වැනිදා සිට එම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වී සාක්ෂි සටහන් කර ගැනීමට  තිබුණි.

ඒ අනුව පරීක්ෂණ කමිටුවේ සාක්ෂි සටහන් කර ගැනීම පසුගියදා සම්පූර්ණයෙන්ම අවසන් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මහවැලි ගගේ පුද්ගල මළසිරුරක්

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා . මහනුවර පොලීසියට ලද තොරතුරක්...

නව පොලිස්පතිවරයා සිය ධූරයේ වැඩ අරභයි

නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූලස්ථානයේ සිය ධුරයේ වැඩ භාරගනු...

කෝටි හතරක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් පමණ වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා . ඒ අනුව...

රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා . සාම ගිවිසුමකට...

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා . අදාළ පහර...

වෙනත් ලිපිRELATED