නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ගාල්ල දක්ශිණපාය ශ්‍රවණාගාරයේ දී වැඩසටහනක් සංවිධානය කර තිබුණා .
ඒ සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ද සහභාගී වී සිටි අතර උත්සව සභාව අමතමින් ඇය මෙරට පාසල් තුළ ඇති පන්ති කාමර සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා .
එහිදී ඇය කියා සිටියේ පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25 ත් – 30 ත් අතර සංඛ්‍යාවක් බවට පත්කිරීමට කටයුතු කරන බවයි . පන්ති කාමරයක ළමුන් 50ක් 60ක් සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා .
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත් බලධාරීන් දැනුවත් කිරීමේ සිව්වන වැඩසටහන ලෙස මෙය සිදු කෙරුනා .