මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදට (15) යෙදී තිබුණා.
ඒ නිමිත්තෙන් මෙත් TV මගින් සංවිධානය කරන ලද හිසතෙල් ගෑමේ මහෝත්සවය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම පුදබිමේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරුණු අතර, නැකැත් සීට්ටුවට අනුව චාරිත්‍ර ඉටු කිරීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් පුදබිම වෙත පැමිණ සිටියා.
නැකැත් සීට්ටුවේ උපදෙස් පරිදි, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, නැගෙනහිර දිශාව බලා, හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීමේ චාරිත්‍රය මෙහිදී සිදු කෙරුණි.
මේ අතර මෙවර හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි නාථ දේවාල භූමියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ අතර, දිවයින පුරා වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජනතාව අවුරුදු සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් මෙම චාරිත්‍රයේ නිරත වන බව දක්නට ලැබුණි.

