බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.
සමගි ජන බලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම යෝජනාව පසුගියදා කථානායකවරයා වෙත භාර දෙනු ලැබීය.
බලශක්ති කළමනාකරණය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල සහ වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම හෙවත් බලතල පැහැර හැරීම යන චෝදනාව පදනම් කර ගනිමින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත.
අද දවස පුරා පැවැත්වෙන මෙම විවාදයෙන් අනතුරුව, යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

