spot_img

මරණය අභියස සිටි සිව්දෙනාගේ ජීවිත බේරාගත් වෛද්‍ය යුවළගේ මානුෂීය මෙහෙයුම!

අද (අප්‍රේල් 06) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න පිවිසුම් අතර සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

කොළඹ සිට මිදිගම දෙසට ටයර් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක පසුපස රෝදයක හුළං බැසීම හේතුවෙන්, රියදුරු විසින් එය මාර්ගයේ නවතා රෝදය ගලවමින් සිටියදී මෙම අනතුර සිදුවිය.

එම අවස්ථාවේම එකම දිශාවට ධාවනය වූ සිමෙන්ති කුඩු ප්‍රවාහනය කරන බවුසර් රථයක් පාලනයකින් තොරව ගොස් නවතා තිබූ කන්ටේනරයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බවුසර් රථයේ ගමන් ගත් තිදෙනෙකු සහ කන්ටේනර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා රථ තුළ සිරවී සිටියහ.

අනතුර සිදුවූ අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි කඹුරුපිටිය මූලික රෝහලේ වෛද්‍ය කිත්මා ගුණරත්න සහ ඇයගේ සැමියා වන දෙනියාය දෑරංගල ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය විද්ව කළුතොට යන මහත්ම මහත්මීන් වහා ක්‍රියාත්මක වී තුවාල ලැබූවන්ගේ ජීවිත බේරා ගැනීමට මැදිහත් වූහ.

පැය දෙකකට අධික කාලයක් එම ස්ථානයේ රැඳී සිටි වෛද්‍ය යුවළ, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමඟ එක්ව, සිරවී සිටි පුද්ගලයන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූහ.

වෛද්‍යවරුන්ගේ මගපෙන්වීම යටතේ STF නිලධාරීන් විසින් රථ තුළ සිරවී සිටි තුවාලකරුවන් පිටතට ගෙන ඔක්සිජන් ලබා දෙමින් ඉතා ඉක්මනින් රෝහල් ගත කිරීමට කටයුතු කිරීම ප්‍රශංසනීය විය.

අනතුරින් බවුසර් රථයේ සිරවී සිටි රියදුරු මුදාගැනීමට පැය තුනකට ආසන්න කාලයක් ගත විය.

මෙම සහන කටයුතු හේතුවෙන් අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් පැය දෙකකට ආසන්න කාලයක් වසා දැමීමට සිදුවූ අතර, රියදුරු මුදාගැනීමේ අවසාන අදියරේදී මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු විය.

දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය පවසන පරිදි, අනතුරින් තුවාල ලැබූවන් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔවුන් එහි ප්‍රතිකාර ලබමින් සිටිති.

වෘත්තීය වගකීමෙන් ඔබ්බට ගොස්, හදිසි අවස්ථාවකදී මිනිස් ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වූ මෙම වෛද්‍ය යුවළගේ ක්‍රියාව අද දින සමාජ මාධ්‍ය තුළත් මහත් කතාබහට ලක්වූ මානුෂීය සිදුවීමක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED