පසුගිය දින කිහිපයේම අපව පීඩාවට පත් කළ දැඩි උණුසුම් කාලගුණය අදින් අවසන් වීමට නියමිත බව පෙනෙන්නට තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව, අද (අප්‍රේල් 02) සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගතට සිසිලසක් රැගෙන එන වැසි තත්ත්වයක් ඇති වීමට වායුගෝලීය තත්ත්වය ඉතා හිතකර වී ඇත.
අද දහවල් 2.00න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර වී, මිහිරි වැසි බිංදු ඇද හැලෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලට මෙම සුවදායක වැසි තත්ත්වය බලාපොරොත්තු විය හැක.
ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තද වැසි ලැබෙන බැවින් පෑවිල්ලෙන් පීඩා විඳි පරිසරයට මෙය මහඟු ආශිර්වාදයක් වනු නොඅනුමානය.

