දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයේ විශේෂ වෙනසක් හෙට (අප්‍රේල් 02) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පැවතියද, හෙට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
කාලගුණයේ වෙනසක් සිදු වුවද, දිවයිනේ පවතින අධික උණුසුම් තත්ත්වය තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
හෙට දිනයේ උපරිම උෂ්ණත්වය 33°C ක් ලෙසත්, අවම උෂ්ණත්වය 23°C ක් ලෙසත් සටහන් විය හැක.
මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
හෙට දවස වලාකුළු සහිත කාලගුණයක් පවතින අතර, වැසි ඇතිවීමේ හැකියාව 20% කි. ගිනිකොන දෙසින් පැයට සැතපුම් 4 ක වේගයෙන් සුළං හැමීමට ඉඩ ඇත.

