දිවයිනේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ රජයේ තීරණයත් සමඟ සාමාන්‍ය ජනතාවගේ කුසගින්න නිවන ආපනශාලා ආහාර මිල ගණන් ද අද මධ්‍යම රාත්‍රියේ සිට උඩුයටිකුරු වීමට නියමිතයි.
විදුලි බිල ඉහළ යාමේ බර පාරිභෝගිකයා මත පැටවීමට සිදුවන බව පවසමින් සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය විසින් මෙම හදිසි තීරණය ගෙන තිබේ.
මේ අනුව අද (31) මධ්‍යම රාත්‍රියෙන් පසු ඔබ මිලදී ගන්නා ආහාරවල මිල ගණන් පහත පරිදි සංශෝධනය වනු ඇත.
නව මිල සංශෝධනයන් මෙන්න..
බත් පැකට්ටුව සහ කොත්තුව: රුපියල් 30කින් ඉහළට.
කෙටි ආහාර (Shorties): රුපියල් 10කින් ඉහළට.
කිරි තේ සහ ප්ලේන්ටි: රුපියල් 5කින් ඉහළට.

