spot_img

අප්‍රේල් 1 සිට නව විදුලි ගාස්තු – ඒකක අනුව වැඩි වන හැටි මෙන්න!

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

මුලින් ලංවිමය විසින් 13.56% ක සමස්ත ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටියද, විවිධ පාරිභෝගික කාණ්ඩ යටතේ ගාස්තු ඉහළ යන ආකාරය මෙසේය:

අඩු ඒකක පාවිච්චි කරන අයට සහනයක් ඇති බව පෙනුනද, ඒකක 180 සීමාව ඉක්මවූ සැණින් බිල විශාල ලෙස ඉහළ යනු ඇත.

ඒකක 0 – 30 දක්වා: බිල 4.3% කින් (රුපියල් 15 කින්) ඉහළට.

ඒකක 31 – 60 දක්වා: බිල 6.9% කින් (රුපියල් 45 කින්) ඉහළට.

ඒකක 61 – 90 දක්වා: බිල 6.9% කින් (රුපියල් 120 කින්) ඉහළට.

ඒකක 91 – 180 දක්වා: බිල 7.1% කින් (රුපියල් 420 කින්) ඉහළට.

ඒකක 180 ට වැඩි අයට: විදුලි ගාස්තුව 25% ක දැවැන්ත ඉහළ යාමක්!

රාජ්‍ය ආයතන සඳහා පනවා ඇති ගාස්තු වැඩිවීම 14.1% කි.

පොදු කාර්ය සහ හෝටල් පාරිභෝගිකයන් සඳහා 8% කින්ද, කර්මාන්ත අංශය සඳහා 8.7% කින්ද විදුලි බිල ඉහළ දමා ඇත.

මාසික පරිභෝජනය ඒකක 180 ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමීමට තීරණය කර ඇත.

නමුත් එම සීමාව ඉක්මවන ආයතන සඳහා 9.6% ක ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED