spot_img

බිහිසුණු අනතුරක් අනූනවයෙන් වැළකෙයි – කණ්ඩලම වැව් බැම්මෙන් ජීප් රථයක් පහළට පෙරළෙයි

දඹුල්ල – වෑවල වැව ප්‍රධාන මාර්ගයේ කණ්ඩලම වැව් බැම්ම මතින් ගමන් කළ ජීප් රියක් වැවට පෙරළී සිදුවන්නට ගිය මහා විනාශයක් අනූනවයෙන් වැළකී ඇතැයි පොලීසිය පවසනවා.

මංගල උත්සවයකට සහභාගී වී නිවස බලා ගමන් කරමින් සිටි තරුණයන් තුන්දෙනෙකු සිද්ධිය වන අවස්ථාවේ රථයේ ගමන් කර ඇතැයි පොලීසිය සදහන් කළා.

වෑවල දෙසින් දඹුල්ල දෙසට වැව් බැම්ම මතින් යතුරුපැදියකින් විදේශීය යුවළක් ගමන් කරමින් සිටියදී එම දෙදෙනා ජීප් රථය දෙසට ධාවනය වීමත් සමඟ ඔවුන්ගේ ජීවිතය බේරීම සඳහා වාහනය ඉවතට ගනිද්දී එකවරම ජීප් රථය පහළට රවුම් දෙකක් පෙරළී නැවතත් ජලය ආසන්නයේම කළුගලක සිරවී නැවති තිබේ.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නැතැයි දඹුල්ල පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED