spot_img

පන්ති කාමරයේ ගුටි කෙළිය සමාජ මාධ්‍යයට ගිය හැටි – හැටන් සිසුන් තිදෙනෙකු පොලිස් දැලට

හැටන් ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ පාසලක පන්ති කාමරයක් තුළදී සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේම සිසුන් දෙදෙනෙකු සහ ආදි සිසුවෙකු හැටන් මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (28) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලිස් විමර්ශනවලට අනුව, මෙම ගැටුම හටගෙන ඇත්තේ මීට සති තුනකට පමණ පෙරය.

එහිදී එම පාසලේම 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කණ්ඩායම් දෙකක් අතර ආරවුලක් හටගෙන ඇති අතර, ඊට එම පාසලේම ආදි සිසුවෙකු ද සම්බන්ධ වී ඇති බව අනාවරණය වී තිබේ.

මුලින් මෙම සිද්ධිය පාසල් මට්ටමින් සමතයකට පත් කර තිබුණ ද, පසුව අදාළ පහරදීමේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ සිද්ධිය යළි කරළියට පැමිණ ඇත.

පහරකෑමට ලක්වූ සිසුවාගේ මව විසින් ඊයේ (28) දින හැටන් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, පහරදීමට සම්බන්ධ වූ බව කියන සිසුන් දෙදෙනා සහ ආදි සිසුවා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පහරකෑමට ලක්වූ බව කියන සිසුවා මේ වන විට ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (29) දින හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි සැකකාර සිසුන් දෙදෙනා සහ ආදි සිසුවා ඔවුන්ගේ දෙමාපියන් වෙත භාරදීමට කටයුතු කරන බව හැටන් මූලස්ථාන පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

පාසල් පන්ති කාමරයක් ලෙයින් තෙත් වෙයි – අටවන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් සිව් දෙනෙක් නිහඬ වෙති.

සාමකාමී අධ්‍යාපන වටපිටාවකට හිමිකම් කියන තුර්කියේ පාසල් පද්ධතිය දැඩි කම්පනයකට පත් කරමින්, එරට ගිනිකොනදිග කහ්රමන්මාරස් (Kahramanmaras) ප්‍රාන්තයේ මධ්‍යම පාසලක...

ගමනක් යන්න ඉන්නවා නම් සැලකිල්ලෙන් – අද හවස කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි!

දිවයිනේ ප්‍රදේශ රැසක කාලගුණය අද දහවල් කාලයෙන් පසු වෙනස්ම මුහුණුවරක් ගනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. විශේෂයෙන්ම පස්වරු 1.00න්...

ප්‍රෙෂර් බලන්න ගිය දොස්තර නෝනාට “ප්‍රෙෂර්” වැඩි කළ රෝගියා – පොලිස් රැකවල් මැද ප්‍රතිකාර!

ලෙඩේට බෙහෙත් ගන්න ඇවිත් රෝහල් ඇඳේදීම විලංගු වැටුණු අපූරු රෝගියෙකු පිළිබඳ පුවතක් කළුතර නාගොඩ රෝහලෙන් වාර්තා වනවා. මතුගම පිඹුර රෝහලේ...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අද (15) මධ්‍යහන 12.00 ට...

නිවාඩුව අවසන් – රාජ්‍ය ආයතන වැඩ අරඹයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අද (15), හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල සියලුම රාජ්‍ය ආයතන...

සතුටින් අවුරුදු නිමවා ආපසු එද්දී අම්පාරේ පවුලක් බුත්තලදී අනතුරකට මැදි වෙයි – පියා ජීවිතක්ෂයට – පවුලම රෝහලේ

අලුත් අවුරුදු නිවාඩුව නිම කරමින් යළි කොළඹ බලා එමින් සිටි අම්පාරේ පදිංචි එකම පවුලේ පිරිසක් අද (15) අලුයම බුත්තලදී...

වෙනත් ලිපිRELATED