සංශෝධිත බස් ගාස්තු පිලිබඳ විස්තරය බස් රථ තුළ ජනතාවට ප්රදර්ශනය කිරීම අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය සඳහන් කරනවා.
මෙය අවසර පත්ර කොන්දේසි යටතේ සිදුකළ යුතු කරුණක් බවයි එම අධිකාරිය කියා සිටියේ.
එලෙස නොකරන බස් රථවල බලපත්ර අවලංගු කිරීමට හෝ දඩ පැවරීමට කටයුතු කෙරෙනු ඇති.

