පළමු කිලෝමීටරය සඳහා ත්රීරෝද රථ ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එහි නව ගාස්තුව රුපියල් 110 දක්වා ඉහළ යනු ඇති.
දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 85ක්ව පැවැති ගාස්තුව රුපියල් 90 දක්වා වැඩි කිරීම කළ බවද එම අධිකාරිය සඳහන් කරනවා.

