QR ක්‍රමය යටතේ පාරිභෝගිකයින්ට හිමිවන සතිපතා ඉන්ධන කෝටාව සෑම සතියකම සෙනසුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා වලංගු වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසනවා.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී දේශපාලනික සහ ආරක්ෂක නොසන්සුන්තාව හමුවේ මෙරට ඉන්ධන සැපයුම වඩාත් විධිමත්ව කළමනාකරණය කිරීම සඳහා රජය මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව ඉකුත් මාර්තු 15 වනදා සිට නැවතත් QR ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කෙරිණි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරන්නේ පාරිභෝගිකයින් තමන්ට හිමි සතිපතා කෝටාව සෙනසුරාදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාගත යුතු බවයි.
සෑම ඉරිදා දිනකම අලුයම සිට නව සතිය සඳහා වන ඉන්ධන කෝටාව පාරිභෝගිකයින් වෙත යාවත්කාලීන කෙරේ.
ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම සහ සැපයුම් ජාලයන්හි ඇතිවිය හැකි බාධා හඳුනාගනිමින්, දේශීය ඉන්ධන සංචිත සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා ඇතුළු රජය මෙම කළමනාකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

