
නැණ පහන් දල්වන මනුෂ්‍යත්වයේ දෑත – පින්වත් ගලිගමුවේ ඥාණදීප හිමියන්ගේ මගපෙන්වීමෙන් සිදු කෙරෙන මහා පුණ්‍යකර්මය – photos
මතු දිනක රටේ අනාගතය භාර ගැනීමට සිටින දැයේ දූ දරුවන්ගේ නැණ පහන් දල්වා ඔවුන්ගේ අධ්‍යාපන සිහින සැබෑ කරනු පිණිස ක්‍රියාත්මක වන “උතුම් සත්කාරය” මානුෂීය මෙහෙවරේ තවත් එක් සුවිශේෂී අදියරක් අද (මාර්තු 10) දින කොත්මලේදී ඉතා සාර්ථකව පවත්වනු ලැබුවා.
අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප පින්වත් ස්වාමින් වහන්සේගේ උතුම් අනුශාසනා සහ සෘජු මගපෙන්වීම යටතේ, අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම මගින් මෙම පුණ්‍යකර්මය සංවිධානය කර තිබිණි.
මෙවර මෙම සත්කාරය සඳහා තෝරාගනු ලැබුවේ කොත්මලේ, මාසැල ගැමුණු මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දූ දරුවන්ය.
මෙහිදී එම විද්‍යාලයේ දූ දරුවන්ට අවශ්‍ය සියලුම පාසල් උපකරණ, බෑග් සහ පොත්පත් පරිත්‍යාග කෙරිණි.
මෑතකදී බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ පීඩාවට පත් වූ පවුල්වල දරුවන්ට සහ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන දරුවන්ට මෙම උපකරණ කට්ටලය මහත් දිරිගැන්වීමක් විය.
දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙවැනි මහා පුණ්‍යකර්මයක් සංවිධානය කිරීමට මගපෙන්වූ පින්වත් ස්වාමින් වහන්සේටත්, මෙයට නන් අයුරින් දායක වූ සියලු පින්වතුන්ටත් මෙම උතුම් පින්කම නිවන් මග සරසා ගැනීමට හේතු වාසනා වේවායි Citizen News අපගේ ප්‍රාර්ථනයයි!

