spot_img

උපාංග තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට

රේගු බදු නොගෙවා කටුනායක ගුවන්තොටුපොළ හරහා හොර රහසේ රැගෙන ආ බව කියන රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකතන, සුවඳ විලවුන් ඇතුළු උපාංග තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දෙමස්සිනාලා දෙදෙනෙකුද සිටින බවයි පොලීසිය සඳහන් කර සිටියේ .

සැකකරුවන් සතුව ස්මාට් වර්ගයේ ජංගම දුරකතන 26ක්, අයිපෑඩ් 10ක්, ටැබ් 10ක්, ලැප්ටොප් පරිගණක 3ක්, විවිධ වර්ගයේ සුවඳ විලවුන් තොගයක් සහ ශරීර ආලේපන තොගයක් තිබී සොයාගෙන තිබෙනවා .

මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.බී.එස්. කල්‍යාණතුංග මහතාට ලද තොරතුරකට අනුව මාලිගාවත්ත රම්‍යා ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිවසක් තුළ මෙම භාණ්ඩ තොගය තිබී සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ .

පසුගිය 30වනදා ඩුබායි වෙත ගොස් තිබූ මෙම සැකකරුවන් ඊයේ යළිත් මෙරටට පැමිණීමේ දී මෙම භාණ්ඩ තොගයට නීතිවිරෝධීව මෙරටට රැගෙන පැමිණ ඇති අතර අත්අඩංගුව ගත් සැකකරුවන් මාලිගාවත්ත සහ කොච්චිකඩේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ .

ඔවුන් පිළිබඳ වැඩිදුර විමර්ශන මාලිගාවත්ත පොලීසිය විසින් සිදුකරනු ලබනවා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED