spot_img

ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා .

ඒ කුසලානය ලබා දීමට සූදානම් වූ පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි අතින් කුසලානය ලබා ගැනීමට තිබූ අකමැත්ත හේතුවෙන් .

“පාකිස්තානයේ අමාත්‍යවරයෙකු වන ACC සභාපතිවරයාගේ අතින් ආසියානු කුසලානය ලබා නොගැනීමට අපි තීරණය කර තිබෙනවා” යැයි ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටි අතර උත්සවයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පැවසුවේ තමන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් දා සිට ශූර කණ්ඩායමකට කුසලානයක් අහිමි වීම තමන් දැක නොමැති බවයි.

කෙසේ වෙතත් ආසියානු කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය කණ්ඩායම කුසලානය නොමැතිව සිය ජයග්‍රහණය සමරනු ලැබු අතර ඊයේ පැවැති අවසන් තරගයේදී පාකිස්තාන කණ්ඩායමනේ හිමිවූ ලකුණු 147 ඉලක්කයට පිළිතරු ලෙස ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

මැයි මාසයේ ගෑස් සැපයුම ගැන සමාගමෙන් දැනුම්දීමක්. ගෑස් මිල වැඩි වෙයි ද?

ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ මැයි මාසය තුළද අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදීමට හැකි වනු ඇති බවයි. සමාගම අනාවරණ කළේ, අප්‍රේල් මාසය...

හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර ඇති...

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ අනතුරකින් සෙබළෙකු ජීවිතක්ෂයට

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටීමෙන් ඊයේ (17) දහවල් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව...

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ගෞතම් අදානි ඉදිරියට අම්බානි දෙවැනි ස්ථානයට පසුබසියි

ඉන්දියාවේ Gautam Adani නැවතත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ඉදිරියට පැමිණ තිබේ. ඔහු විසින් නායකත්වය දරන Adani Group හි ව්‍යාපාරික...

අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

පාසල් පන්ති කාමරයක් ලෙයින් තෙත් වෙයි – අටවන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් සිව් දෙනෙක් නිහඬ වෙති.

සාමකාමී අධ්‍යාපන වටපිටාවකට හිමිකම් කියන තුර්කියේ පාසල් පද්ධතිය දැඩි කම්පනයකට පත් කරමින්, එරට ගිනිකොනදිග කහ්රමන්මාරස් (Kahramanmaras) ප්‍රාන්තයේ මධ්‍යම පාසලක...

වෙනත් ලිපිRELATED