ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක 09ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා .
අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් මෙම දිස්ත්රික්කවල පහත් බිම් සහ බෑවුම් සහිත ප්රදේශවල ජීවත්වන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසා සිටිනවා .
ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල යන දිස්ත්රික්ක සඳහා මෙලෙස තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා .

