නොවැම්බර් මස 15 වන දා වන විට නව ආරක්ෂිත අංග සමඟ අංක තහඩු නිකුත් කිරීමට හැකියාව ලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පවසනවා .
අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ, මේ වනවිට අංක තහඩු නොමැති වාහන ප්‍රමාණයක් වෙළෙදපොළ තුළ පවතින බවයි.
එමෙන්ම පෙර පැවති වෙළෙඳ සමාගම් මෙන්ම දේශපාලන ක්‍රියාවන්හි දූෂිතභාවය හා වගකීම් විරහිතභාවය නිසා මෝටර් රථ දෙපාර්තමේනතුව වසර 10ක් වැනි කාලයක් දියුණු නොවී පවතින බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා .
නව රියදුරු බලපත්රයක්ද සකස් කරන බවත්, අංක තහඩු නොමැති වාහන සඳහා එළැඔන සතියේ දී තාවකාලික විසදුම් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා .

