ඊයේ (20) රාත්රී කාලයේදී හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්රදේශයේදී තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙවනගල ප්රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක් වන අතර මෘත ශරීරය හෙම්මාතගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා .
පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසා සිටියා .
කෙසේ වෙතත් මෙම ඝාතනයට සම්බන්ධව වයස අවුරුදු 23ක් වන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙම්මාතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

