spot_img

පවතින ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියයි

මේ වන විට පවතින ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා .

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්

අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පවසා සිටියේ ප්‍රසම්පාදනයේ පවතින ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

එමෙන්ම මේ වන විට ඖෂධ ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ආරම්භ වී ඇති බවත් ඒ අනුව එළැඹෙන නොවැම්බර් මාසයෙන් පසුව අදාළ ඖෂධ ගෙන ඒමටද නියමිත බවත් අමාත්‍යවරයා මෙහෙදී පවසා සිටියා .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා

“සමහර ඖෂධ ප්‍රයිවට් මාර්කට් එකෙත් නෑ, එළියෙත් නෑ, වෙළෙඳපොළෙත් නෑ, ෆාමසිවලත් නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ඖෂධ ලියාපදිංචියේදී අසීමිත ලෙස මිල ගණන් ඉදිරිපත් කරලා ලියාපදිංචි කරන්න දෙන්නේ නැහැ දැන්. දකුණු ආසියානු රටවල මේ මොහොත් වෙළෙඳපොළ තත්ත්වය මොකක්ද කියන එකත් සලකලා බලලා යම් මිල පරාසයක් නියම කරලා තියෙනවා. ඒකට කැමති නැති කට්ටිය ඖෂධ සපයන්නේ නෑ. SPC එකට අපි ඇනවුම් ටික භාර දීලා තියෙන්නේ ටෙන්ඩර් කරන්න කියලා. දැන් ඒ කටයුතු සිදුවෙනවා 80%-85%ක් විතර දැන් ඒ කටයුතු අවසානයි. අපි ප්‍රසම්පාදනය කරපු ඖෂධ මේ නොවැම්බර්වලින් පසුව එන්න නියමිතයි. අනෙක් කාරණය විවිධ හේතුමත ව්‍යාපෘති නතර කිරීමේ ප්‍රතිඵලය තමයි දැන් දෙගුණයක් මුදල් වියදම් කරන්න වෙලා තියෙනවා භාණ්ඩාගාරයෙන් මේ වෙනුවට. ව්‍යාපෘති 17ක් තියනවා ලංකාවේ නතරවුණ තැනින් ආරම්භ කරනවා ඒ ව්‍යාපෘති 17ට වර්තමානයේ වියදම් කරන්න වෙලා තියෙනවා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 59ක්. නියමිත පරිදි 2018දී 2020දී හෝ 2022දී අවසන් කළා නම් අපිට යන්නේ බිලියන 29යි.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ඉතිහාසගත Artemis II ගමනට පසු ගගනගාමීන් සුරක්ෂිතව පැමිණෙයි

ඉතිහාසගත 'Artemis II' චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. එම ඔරායන්...

මැයි 30 වෙසක් සැමරුමට පසු දිනය නිවාඩුවක් ද? කම්කරු කොමසාරිස්වරයාගෙන් නිල ප්‍රකාශයක්.

2026 වර්ෂයේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදුකරන මැයි මස 30 වනදාට පසු දිනය (මැයි 31) ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...

අධික රස්නය මැද අවුරුදු උළෙලක් පවත්වනවාද? සෞඛ්‍ය අංශවලින් සංවිධායකයින්ට සහ ක්‍රීඩකයින්ට බරපතළ අනතුරු ඇඟවීමක්!

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය...

වැල්ලව පදිංචි 19 හැවිරිදි තරුණයාට සාදයේදී සිදුවූයේ කුමක්ද?- හෝමාගම ඝාතනයේ සුලමුල මෙන්න

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු සාදය ලේ විලක් කරමින් 19 හැවිරිදි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ වේගවත් කර ඇති...

සරසවි සිසුන්ගේ සාදය ලෙයින් නැහැවෙයි – 19 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වූ මොරගහහේන ඛේදවාචකය.

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන්...

පොතපතට විරාමයක් – අවුරුදු සිරියට ඉඩක්: පාසල් නිවාඩුව අදින් ඇරඹේ!

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. සිංහල හා...

වෙනත් ලිපිRELATED