ඊයේ (11) සවස් කාලයේ කරන්දෙණිය පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්රදේශයේදී කාන්තාවකට හා පිරිමි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා .
මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ වයස අවුරුදු 74ක් සහ වයස අවුරුදු 25ක් වූ කොටවෙල, කරණ්දෙනිය ප්රදේශයේ පදිංචි මව හා පුත්රයා බව පොලීසිය පවසා සිටියා .
ඔවුන් සිය නිවෙස තුළ සිටියදී මෙම ඝාතනය සිදු කර ඇති අතර ඝාතනයට ලක් වූ අදාළ තරුණයා පාසල් ළමුන් ප්රවහනය කරන ත්රීරෝද රථ රියදුරෙකු බවද සඳහන් වේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයන්ගේ මෘතශරීර ඇල්පිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා .
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරු හදුනාගෙන තිබෙන බව කරන්දෙණිය පොලීසිය පවසා සිටි අතර ඔහු වයස අවුරුදු 43ක් වන ඝාතනයට ලක්වු පුද්ගලයින්ගේ නිවස ආසන්න නිවසක පදිංචි බවට හඳුනාගෙන ඇත .
කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කරන්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

