ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්රසාදය අහිමි වන අතර “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබෙනවා .
මේ වන විට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්රීපාල සිරිසේන සහ චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් නිල නිවාස භාවිත කරනු ලබයි .
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දිනයේ නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වී ඇති අතර ඔහු හම්බන්තොට කාල්ටන් නිවස වෙත යෑමට නියමිත බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රකාශකයකු සඳහන් කර සිටිය .
ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්රීපාල සිරිසේන මහතා සහ චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවෙස් රජයට භාරදීමට කටයුතු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා .

