සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ප්රතිසංස්කරණ කටයුතු සිදුකරමින් තිබු ටැංකියක ඊයේ (10) රාත්රී කාලයේ හට ගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බව වාර්තා වී තිබෙනවා .
මෙම ගිනි නිවීමේ කටයුතු සඳහා කොළඹ ගිනිනිවීමේ හමුදාවේ ගිනි නිවන රථ 07ක් ඇතුළු ගිනිනිවීමේ රථ කිහිපයක් යොදා ගෙන තිබූ අතර ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල කාලයක් ගත වු බව සඳහන් වේ .
කෙසේ වෙතත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අද (11) දිනයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබෙන බව වාර්තා වී තිබෙනවා .

