පොල්පිතිගම පොලිස් වසමේ කුඹුකුලාව ඉරුදෙනියාය මාර්ගයේ වව්ලෑව ප්රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ ඇති බෝක්කුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා .
අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධව පොල්පිතිගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා .
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 43ක් වූ මැද උල්පත, පොල්පිතිගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.

