පසුගිය 05 වැනිදා ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔර්ලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකළ විමර්ශනයක් මත අදාළ සැකකරුවන් දෙදෙනා මෙම අපරාධය සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත ඊයේ (07) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 සහ 32 වයස්වල පසුවන කොළඹ 15 ප්රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කර සිටියා .
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ග්රෑන්ඩ්පාස් පොලීසිය විසින් සිදුකරනු ලබනවා .

