spot_img

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අද (29) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ද වයඹ පළාතේ වැසි ස්වල්පයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50ක පමණ වන තද සුළං ඇතිවිය හැකිය.

තද සුළං හේතුවෙන් ඇතිවියහැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සූර්යයා දෘශ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ නිසාවෙන් අද (29) දහවල් 12:11ට කුමුලමුනේ, පඩිනද්දම්පොරේ, ආලන්කුලම්, තන්නියුට්ටු, වෙට්ටප්පලෙයි, මුලතිව් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇති බවත් ඔවුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

පාසල් පන්ති කාමරයක් ලෙයින් තෙත් වෙයි – අටවන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් සිව් දෙනෙක් නිහඬ වෙති.

සාමකාමී අධ්‍යාපන වටපිටාවකට හිමිකම් කියන තුර්කියේ පාසල් පද්ධතිය දැඩි කම්පනයකට පත් කරමින්, එරට ගිනිකොනදිග කහ්රමන්මාරස් (Kahramanmaras) ප්‍රාන්තයේ මධ්‍යම පාසලක...

ගමනක් යන්න ඉන්නවා නම් සැලකිල්ලෙන් – අද හවස කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි!

දිවයිනේ ප්‍රදේශ රැසක කාලගුණය අද දහවල් කාලයෙන් පසු වෙනස්ම මුහුණුවරක් ගනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. විශේෂයෙන්ම පස්වරු 1.00න්...

ප්‍රෙෂර් බලන්න ගිය දොස්තර නෝනාට “ප්‍රෙෂර්” වැඩි කළ රෝගියා – පොලිස් රැකවල් මැද ප්‍රතිකාර!

ලෙඩේට බෙහෙත් ගන්න ඇවිත් රෝහල් ඇඳේදීම විලංගු වැටුණු අපූරු රෝගියෙකු පිළිබඳ පුවතක් කළුතර නාගොඩ රෝහලෙන් වාර්තා වනවා. මතුගම පිඹුර රෝහලේ...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අද (15) මධ්‍යහන 12.00 ට...

නිවාඩුව අවසන් – රාජ්‍ය ආයතන වැඩ අරඹයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අද (15), හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල සියලුම රාජ්‍ය ආයතන...

සතුටින් අවුරුදු නිමවා ආපසු එද්දී අම්පාරේ පවුලක් බුත්තලදී අනතුරකට මැදි වෙයි – පියා ජීවිතක්ෂයට – පවුලම රෝහලේ

අලුත් අවුරුදු නිවාඩුව නිම කරමින් යළි කොළඹ බලා එමින් සිටි අම්පාරේ පදිංචි එකම පවුලේ පිරිසක් අද (15) අලුයම බුත්තලදී...

වෙනත් ලිපිRELATED