අද (27) උදෑසන කුලියාපිටිය, නිලපොළ පාලම ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා .
පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කර සිටියා .
අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ .

