හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක පැවැති සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේම සිසුන් පස්දෙනෙකු මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රියේ මොරගහහේන ප්‍රදේශයේ පිහිටි හෝටලයක විශේෂ සාදයක් පවත්වා තිබේ.
එහිදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවූ නිකදළුපොත, වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු හෝටලය තුළම මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගනු ලැබීය.
හෝටලය තුළ පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ මොරගහහේන පොලීසිය, පහරදීමට සම්බන්ධ බවට සැකකෙරෙන සෙසු සිසුන් පස්දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.
සැකකාර සිසුන් පිරිස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, හෝමාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

