spot_img

මහ පොළොවත් එක්ක ඔට්ටු වුණු දෑත් නිසල වෙයි – විජිතපුර ගොවීන් දෙදෙනෙකුට අකුණින් අකල් මරණයක්

කලාවැව සහ විජිතපුර ප්‍රදේශවලට අද (27) පස්වරුවේ ඇද හැළුණු වර්ෂාවත් සමඟ පතිත වූ ප්‍රබල අකුණු සැර වැදීමකින්, සිය වගා බිම්වල බිම් සැකසුම් කටයුතුවල නිරතව සිටි ගොවීන් දෙදෙනකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහ පොළොවත් සමඟ ඔට්ටු වෙමින් තම අස්වැන්න සරු කර ගැනීමට වෙහෙස මහන්සි වූ මෙම ගොවි පියවරුන් දෙදෙනාගේ අකල් මරණයත් සමඟ මුළු විජිතපුර ප්‍රදේශයම දැඩි ශෝකයකට පත්ව ඇත.

පොලිසිය පවසන පරිදි, මෙම අනතුරින් මෙලෙස දිවි අහිමි වී ඇත්තේ,ජෙමාල්දීන් බදූර්දීන් මහතා (වයස 50): විජිතපුර, කනක්කන්මඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තෙන්නකෝන් මුදියන්සේලාගේ ජැක්සන් සේනාරත්න තෙන්නකෝන් මහතා (වයස 49): විජිතපුර, පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මූලික විමර්ශනවලට අනුව මොවුන් දෙදෙනාම කනක්කම්මඩුව සහ පුලියන්කුලම ප්‍රදේශවල පිහිටි සිය වගා බිම්වල වැඩ කරමින් සිටියදී මෙම අකුණු ප්‍රහාරයට ලක්ව ඇත.

අකුණු සැර වැදීමෙන් පසු බදූර්දීන් මහතාගේ දේහය ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, ජැක්සන් සේනාරත්න මහතාගේ දේහය මේ වනවිට කලාවැව රෝහලේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු සැණින් ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශවලට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු දැනටමත් ක්‍රියාත්මකයි.

අහසින් පතිත වූ මාරයා වගා බිමේදීම ගොවි ජීවිත දෙකක් උදුරා ගත්තේ ගම්මාන දෙකක පවුල්වල බලාපොරොත්තු අඳුරේ ගිල්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

නවතම පුවත්

ශ්‍රී සදහම් පදනමේ අයිතිය තහවුරු වෙයි – පවුලක් විසින් ගෙන ගිය වසර ගණනාවක නීතිමය සටන පරාජය කරමින් අභියාචනය නිෂ්ප්‍රභ කෙරේ

අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම සතු ශාසනික දේපළවල අයිතිය සම්බන්ධයෙන් පෞද්ගලික පාර්ශ්වයක් විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම හෝමාගම මහාධිකරණය...

අමෙරිකානු නිදහසේ 250 වැනි සංවත්සරයට බ්‍රිතාන්‍ය රජුගෙන් ගෞරවයක් – ජනපති ට්‍රම්ප්ගෙන් උණුසුම් පිළිගැනීමක්.

බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සහ කැමිලා රැජින සිව්දින නිල රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණ තිබේ. මෙය චාල්ස්...

සාමයේ පණිවිඩය රැගත් “ඒහි පස්සිකෝ” අවසන් ගමන අද – කොළඹ මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක්

ලෝකයටම සාමයේ පණිවිඩය රැගෙන යන “ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි (28). පසුගිය 22 වන දින දඹුල්ලෙන්...

අධිකරණ දෙකක නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුවේදී ගිනිබත් කරයි

පුත්තලම, බළපිටිය සහ හලාවත මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු කටයුතු අවසන් වූ හෙරෝයින්, කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සහ විදේශීය දුම්වැටි තොගයක්...

කටුනායකදී කිලෝ 110ක මත්ද්‍රව්‍ය සමග හසුවූ හිමිවරුන් ගැන විමර්ශන ඇරඹේ – අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් විශේෂ හෙළිදරව්වක්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 110කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන...

රුපියල් 40,000කට දියණිය විකුණා ජංගම දුරකථනයක් ගත් මව සහ අනියම් සැමියා දැලේ

තම කුසින් උපන් වයස අවුරුදු දෙකක කුඩා දියණිය රුපියල් 40,000ක මුදලකට විකුණා, එම මුදලින් ජංගම දුරකථනයක් මිලදී ගත් මවක්,...

වෙනත් ලිපිRELATED